සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු දුනේෂ් පි්රයශාන්ත හෙවත් කොණ්ඩයාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නමැත්තා එම ඝාතනය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණ කර තිබෙනවා.
දැරිය ඝාතනය කර ඇත්තේ කොණ්ඩයා විසින් බවට එමගින් තවදුරටත් තහවුරු වන බවයි පොලිස් ආරංචි කියාසිටියේ.
මේ අතර සැකකාර කොණ්ඩයා මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට අද (05) නැවත ඉදිරිපත් කෙරුණු ඇතැයිද වාර්තා වනවා.