Colombo Today Local News

තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වු ගම්පොල නිවසක් වටලයි

පාස්කු ඉරුදින ප්‍රහාර වලට සම්බන්ධ බවට හදුනාගත් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකුගේ ඡායාරූප ඉකුත් 25වනදා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එම මරාගෙන මැරෙන බෝම්බ කල්ලියේ සැකකරුවන් 6 දෙනාගෙන් දෙදෙනෙකු වන මොහොමඩ් ඉබ්‍රහිම් ෂාදික් අබ්දුල්ලා හක් සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් ඉබ්‍රහිමි සාදික් අබ්දුල් හක් යන අය අද අලුයම පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැණුනේය.

අදාළ සැකකරුවන් දෙදෙනා ගම්පොල ප්‍රදේශයේ ඥාතියෙකුට අයත් පාවහන් වෙළෙඳ සැලක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම දියත් කර තිබේ.

එම පාවහන් වෙළෙදසැල් හිමියා මෙම සැකකරුවන් දෙදෙනා වෙළද සැලතුළට දමා අගුලු ලා ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇති අතර ඒ අනුව එම වෙළදසැල් හිමියාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල සාලියාල විහාරස්ථානය අසළ පිහිටි අදාළ වෙළදසැල් හිමියාගේ නිවසද පොලිස් විශේෂකාර්ය බලකාය,පොලිසිය සහ යුද හමුදාව එක්ව පරීක්ෂා කරනු ලැබූවේය.

එහි තිබී යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් කිහිපයක්, මරාගෙන මැරෙන බෝම්බ රැගෙන යන බවට සැක කෙරෙන බෑගයක් හමුවී තිබේ.

එසේම  බුද්ධි තොරතුරුවලට අනුව අනාවරණ වී ඇත්තේ තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වීම සඳහා මෙම නිවස යොදාගෙන ඇති බවටයි.

ආදළ නිවස පරීක්ෂා කරන අතරතුර ඒ අසළ නවතා තිබූ හිමිකරුවෙක් නොමැති සැකසහික මෝටර් රථයක්ද පොලිස් භාරයට ගැණුනි.

Related posts

එක්සත් රාජධානියෙන් මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

colombotoday

දේශබන්දු සැකකරුවකු කරන්න නීතිපතිවරයා දුන් ලිපිය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අතුරු නියෝගයක්

Admin

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

colombotoday

”දුමින්ද-අමරවීර මංගලගේ ගෙරදී විශ්වාශභංගය පාවාදුන්නා…

colombotoday

පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් ගේ පියායි.

colombotoday