Colombo Today Local News

ජාතික ගීය තහනමින් පටන්ගත් සමුපකාර කොමසාරිස්ගේ අන්තවාදය හා වද සැත්කම් ෂාෆි ගේ සබදකම් !!

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යටතේ පවතින සමුපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එස්. එල්. නසීර්, සමුපකාර දෙපාර්තමේන්තුවේ මුදල් අන්තවාදී කටයුතු වෙනුවෙන් යොදවන බවට සේවකයන් චෝදනා කරනවා.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සමීපතමයෙක් වන මොහු කොමසාරිස් ලෙස පත්වූ වහාම, එතෙක් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ උදෑසන විකාශය කළ පිරිත් දේශනය තහනම් කර ඇති අතර, ජාතික ගීය වාදනයද නවතා දමන ලෙස නියෝග කර තිබෙනවා.

ආයතනයේ සේවකයන් බහුතරයක් බෞද්ධයන් වන අතර, අංක 9789 / 9791 යන ඩබල් කැබ්වල ඩෑෂ් බෝඩයේ තබා තිබූ බුදු පිළිමද මොහු විසින් ඉවත් කර තිබෙනවා.

කොමසාරිස්වරයා විසින් අරමුදල ඉතාමත් ජාතිවාදී ලෙස යොදාගනිමින් මුස්ලිම් ජාතික ළමයින්ට පමණක් අධ්‍යාපන උපකරණ ලබා දෙන බවත්, මුස්ලිම් ගම්මාන හා පාසල් සිසුන් ට ආයතනයේ වියදමින් දේශන පවත්වන බවටත් චෝදනා එල්ල වෙයි.

එම දේශන සදහා, සිංහල මව්වරුන් වද සැත්කම්වලට ලක්කළ බවට චෝදනා එල්ලවී ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ද සහභාගී කරගෙන තිබේ. එම වෛද්‍යවරයා තව්හිද් ජමාත් ත්‍රස්තවාදීන් සමග සබදතා ඇති අයෙක් බවද පැවසෙන අතර, මෙම සම්මන්ත්‍රණ හරහා වහාබ්වාදී අදහස් ප්‍රචාරණයේ යෙදුනේද යන්න සොයාබැලිය යුතු බවද සේවකයන් සදහන් කර සිටී.

මේ අතර සමුපකාර කොමසාරිස් වරයා ආයතනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මුස්ලිම් ජාතිකයන්ට මුල් තැන දී කටයුතු කරන බවත්, සමුපකාර දෙපාර්තමේන්තුව මුස්ලිම්කරණය කිරීමේ නිරත වී සිටින ඔහුගේ අන්තවාදී ක්‍රිියාකලාපය නිසා බහුතරයක් වූ මුස්ලිම් නොවන නිලධාරීන් හා සේවකයන් දැඩි පීඩනයට පත්ව සිටින බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

සමුපකාර කොමසාරිස් නසීර් (දකුණේ) සමග වෛද්‍ය ෂාෆි සහාබ්ඩීන්

Related posts

“හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්.” – විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

සෞඛ්‍ය බළධාරින්ගේ නිසි සහයෝගයක් නෑ. | ඌවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙඩ නිවාඩු දමති.

colombotoday

පොලිස්පතිගෙන් STF ගැලවෙයි, මුලුමනින්ම ජනපති යටතට ගනී

colombotoday

රාජිත, චම්පික, අර්ජුනගේ පැමිණිල්ලෙන් ඇවන්ගාඩ් නිශ්ශංක හිර ගෙදරට ???

colombotoday

කලිනොච්චියේදී බසයක් ගිනිබත් වෙයි.. ගිනි ගත්තද.. ගිනි තිබ්බද.. සැකයක් !

colombotoday

LTTE නිසා මගේ පවුල විනාශ වූනත්, LTTE සැකකරුවන් වසර ගණනාවක් සිරකර තැබීම සදාචාරාත්මක නෑ – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

colombotoday