Colombo Today Local News

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

‍‍ඓතිහාසික හිදගල රාජමහා විහාරයේ භාරකාර, කර්මචාර්ය (මල්වතු මහ විහාරය), ප්‍රවීන ගීත රචක, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් විසින් රචිත කාලීන, සමාජ දේශපාලන විවරණය ‘කදුළින් ලියැවුණ රටක් අපේක්ෂා“ ග්‍රන්ථය නොවැම්බර් 4 වනදා සවස 3ට කොළඹ 7 පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිතය.

වර්ථමානයේ රටත්, ජාතියත් මුහුණ දී තිබෙන ජාතික, සමාජයීය, ශාසනික අර්බුධ රැසක් පිළිබදව විවරණයක යෙදෙන එහිමියන්, ඒ සදහා ප්‍රායෝගික, කාලෝචිත වූ විසදුම් යෝජනාවලියක්ද ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලාංකික සමාජය දෙදරුම් කෑ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, වත්මනෙහි රට, ජාතියත් මුහුණ දී තිබෙන අභීයෝගාත්මක අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස දකින උන්වහන්සේ ජාතික ප්‍රතිපත්තියක් තුළින් එම සියළු අභියෝගයන්ට විසදුම් ලබා දී අර්ථවත් ලෙස ජාතික සමගිය ගොඩගැනීම සහ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක් ධජයක් යට අතීත ශ්‍රී විභූතිය යළි අත්පත් කරගැනීමේ අවශ්‍යතාව ගැඹුරින් අවධාරණය කරයි.

පවතින මැතිවරණ ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලනය බරපතල ගැටළු රැසකට හේතු වී ඇති අතර, කතුවර හිමියන් මෙම ගැටළුව ශාස්ත්‍රීයව අධ්‍යයනය කර, පවතින ගැටළුවට ප්‍රබල ආදේශකයක් ලෙස (කේවල අනුපාත නියෝජන ක්‍රමය) ඉදිරිපත් කර ඇත.

  • ජාතික උපත් හා විවාහ ප්‍රතිපත්තියක්
  • ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්
  • ජාතියට සමබර ආහාර වේලක්
  • ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්
  • නීතියේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම
  • ගම හදන රට දිනන ජනවරම

වැනි මාතෘකා යටතේ වත්මනේ රටත්, ජාතියත් මුහුණ දී තිබෙන අර්බුධ රැසක් පිළිබදව ගැඹුරු සංවාදයක යෙදමින් ඒ සදහා කාලෝචිත විසදුම් යෝජනාවලියක් ඤාණරතන හිමියන් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර ඇත.

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, ඇතුළු ගිහි පැවිදි විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිතය. ප්‍රධාන දේශනය මහචාර්ය ඡන්න ජයසුමන විසින් පැවැත්වීමට නියමිතය.‍

මෙම අවස්ථාව සදහා සහභාගී වන ලෙස පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් දෑ සසුන් හිතකාමී සියළු දෙනාගෙන් විවෘත ආරාධනයක් කර සිටී.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ තව දින 6කින් අරඹයි

colombotoday

වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කරන්න රනිල් රට භාරගන්න සූදානම්

colombotoday

දොඩම්ගස්ලන්ද විහාරස්තනයකටත් වෙඩි තබයි

colombotoday

බල පොරය අස්සේ ආර්ථිකය හොම්බෙන් යයි.. රුපියල වැටීමෙන් ගෙවිය යුතු විදේශ ණය ඩබල් වෙයි !

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

“ගෝඨා මේ රට විපතට ඇද දමනවා“ – ඇමති මංගලගේ චෝදනාවට ගෝඨා දුන්නු අපූරු පිළිතුර…

colombotoday