Colombo Today Local News

ජනපතිවරුන්ගේ වෙඩි නොවදින රථ සමගින් කොටින්ගේ නෞකාවක් මහ සයුරේ ගිල්වා දැමුණේ මෙහෙමයි (PHOTOS)

පසුගිය යුද සමයේදී ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම අද (26) පෙරවරුවේ සිදුකෙරිණි.

මෝටර් රථ 08 යාත්‍රාවක් ආධාරයෙන් රැගෙන ගොස් බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදේදී මෙලෙස ගිල්වා විනාශ කළ බවයි නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් කේ.කේ.සී. උදයංග කියා සිටියේ.

මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති අතර, වසර ගණනාවක් පැරණි මෙම රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙනුයි මෙලෙස මුහුදේ ගිල්වා විනාශ කර දැමීමට රජය තීරණය කර ඇත්තේ.

මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි අතර, මෙලෙස වාහන ගිල්වා විනාශ කිරීම ලෝකයේ පිළිගත් නිතියක් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ජනාධිපති කාර්යාලය මගින් නාවික හමුදාව වෙත මෙම මෝටර් රථ 08 ලබාදී ඇති අතර, ඊට ඇමරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද ඇතුළත්.

මීට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ වෙලින් නෞකාවද මුහුදේ ගිල්වා දැමිණි.

මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා මිල ගණන් කැඳවූ නමුත් එම හැම අවස්ථාවකම ඊට හිමිවී ඇත්තේ අඩු ලන්සුවක්.

පසුගිය කාලසීමාව තුළ මෙම නෞකාව නාවික හමුදාව විසින් භාවිත කළ අතර, මේ වනවිට එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතින බවයි නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.

 

Related posts

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

“සම්බන්ධන්ගේ ෆෙඩරල් කතාව සංහිඳියාවට අගුණයි… අපි විරුද්ධයි” – හෙළ උරුමය

colombotoday

මහින්ද අගමැති කරවන සිම්පල් ප්ලෑන් එකක් ප්‍රසන්න හෙළි කරයි (Video)

colombotoday

පාලන මිල ඉක්මවා හාල් වික්ක කොළඹ මුදලාලිලා 77කට දඩ

colombotoday

අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි…මරදන්කේනි ධීවරයින් විරෝධතාවක

colombotoday