Colombo Today Local NewsCovid 19

“කොවිඩ්-19” හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂ දෙක ආසන්නයේ

නව කොරෝනා වයිරසය හෙවත් “කොවිඩ්-19” හේතුවෙන් ලොවපුරා මියගිය ගණන අද (25) උදෑසන 10.30 වන විට 197 000 ඉක්මවා ගොස් ඇත.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ආසන්න වශයෙන් ලොවපුරා 197,318 කු මියගොස් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.7 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 2,831,860 ක් ලෙස දැක්විණි . කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන ද 807,010 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

විවිධ රටවල කොරෝනා හෙවත කොවිඩ්-19 පරීක්ෂණ මෙන්ම රෝහල් වාර්තා යනාදිය නිසි පරිදි වාර්තා නොවන බැවින් මෙම සංඛ්‍යා මීට වඩා වැඩි විය හැකි යැයිද පර්යේෂකයෝ පෙන්වාදෙති.

Related posts

කොවිඩ්-19 නව ප්‍රභේදය මධ්‍යයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක සූදානම

Admin

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

colombotoday

හමුදා කදවුරු ඉවත් කරව් ! අපේ ඉඩම් අපට දියව් ! වව්නියාව යුද හමුදා කදවුර ඉදිරිපිට විරෝධතා

colombotoday

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

එස්.බී.-ඩිලාන් ඇතුළු 5 ක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවතට

colombotoday