Colombo Today Local News

කතානායක රූකඩයක්.. ඔහු හසුරුවන්නේ ජොන්ස්ටන් – ඒකාධිපති පාලනය ගැන සජබ මන්ත්‍රි චමින්ද විජේසිරි කියයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හසුරුවන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා විසින් බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරන්නේ කතානායක වරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියන ආකාරයට වැඩ කරන රූකඩයක් වී ඇති බවයි.

පාර්ලිමේන්තුවේ 20 වන සංශෝධන සම්මත කිරීමට විරුද්ධව තම පාර්ශව විසින් ගෙන ගිය අරගලය සජීවීව රූපවාහිනිය ඔස්සේ ජනතාවට පෙන්වීමට ආණ්ඩුවේ උවමනාව මත කතානායක වරයා කටයුතු නොකළේ යැයි ඔහු චෝදනා කළේය.

කැමරාව සබා ගැබ මැද විරෝධය දෙසට යොමු නොකරමින් ප්‍රජාතන්ත්‍රවා විරෝදී ලෙස කටයුතු කලේය යයිද ඔහු කියා සිටියේය.

20 සංශෝධනය සම්මත කිරීමට පෙර ඒකාධිපති ස්වරූපය මේතරම් නම් එය සම්මත වූ පසු කොතරම් ඒකාධිපති දැයි ජනතාව සිතා ගත යුතු බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේග මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday

පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු නිවසක් කොල්ලකති

Admin

සඳුදා බස්නාහිර පළාත සම්පූර්ණයෙන් විවෘත කෙරේද ?

colombotoday

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි

Admin