Colombo Today Local News

උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් ඇසක් අන්ධ වු සෙබලා රජයෙන් වන්දි ඉල්ලයි

ආබාධිත යුද හමුදා සෙබළුන් පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධවීම වෙනුවෙන් රජයෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ආබාධිත සෙබළෙක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබළෙකු වන කම්කානම්ගේ නිශාන්ත මිහිරාජ් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.

එය අද (15)දින ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාළ පෙත්සම 2021 වසරේ මැයි මස 4 වන දා විභාගයට ගන්නා බවය.

පෙත්සම ඉදිරිපත් කළ ආබාධිත සෙබළා කියා සිටින්නේ, සිය විශ්‍රාම වැටුප් ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා 2017 වසරේ නොවැම්බර් මස 7 වන දා කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය අවට ආබාධිත සෙබළුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකළ බවය.

එම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් අත්තනෝමතිකව එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් සිය ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බව පෙත්සම්කරු චෝදනා කරයි.

මේ තුළින් තමා දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පවසන පෙත්සම්කරු එම ක්‍රියාව තුළින් පොලීසිය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර තිබෙන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

Admin

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

colombotoday

උතුරේ කොටි සැමරුමට සිවාජිලිංගම් අවසර ඉල්ලයි

colombotoday

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

ලංකාව හැර යන කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති

colombotoday

අද කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

colombotoday