Colombo Today Local NewsHot News

උතුරේ බෞද්ධ උරුමය වැනසීමට එරෙහිව යුනෙස්‌කෝවට පැමිණිල්ලක්

උතුරු පළාතේ බෞද්ධ උරුමය විනාශ කරමින් බෞද්ධ සිද්ධස්‌ථාන වැනසීමට සහ පුරාවිද්‍යා නිලධාරීන්ට කරන තර්ජනවලට දෙමළ දේශපාලනඥයන් මෙන්ම උතුරු පළාත් සභාවද වගකිවයුතු බව සඳහන් කරමින් ජිනීවාහි යුනෙස්‌කෝ ආයතනයට ලිපියක්‌ භාර දී තිබේ.

මේ දිනවල ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා ජිනීවා නුවරට ගොස්‌ සිටින ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු නියෝජිතයන් විසින් මෙම ලිපිය භාර දී ඇත.

කිලිනොච්චිය සහ මුලතිව් කුරුන්දන්කුලම් ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ පුරාවස්‌තු විනාශ කිරීම් හා තර්ජනය කිරිමේ සිද්ධීන්වල ඡායාරූප සහිත වාර්තාවක්‌ද යුනෙස්‌කෝ ආයතනයට ඉදිරිපත් කළ බව ජිනීවාහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

ජාතිවාදී පදනමකින් ව්‍යාප්ත නිජබිම් සංකල්පයක්‌ ඇතිව දෙමළ ජනතාව පමණක්‌ උතුරේ ජීවත් විය යුතුය යන අදහසින් ගෙන යන මෙම ක්‍රියාකලාපය ශිෂ්ට සමාජය නොඉවසන බවත් බාමියන් බුදු පිළිම, වනසමින් තලේබාන් ත්‍රස්‌තයන් ඇµaගනිස්‌ථානයේ සිදු කළ පුරාවස්‌තු සංහාරයට සමාන විනාශයක්‌ අද ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සිදුවෙමින් තිබෙන බවත් එම ලිපිය මගින් යුනෙස්‌කෝ ආයතනයට පෙන්වා දී ඇත.

ජගත් දේශප්‍රේමි සංවිධානය සමග මහාචාර්ය චන්න ජයසුමන මහතාද මේ අවස්‌ථාවට සහභාගි වී තිබේ.

Divaina

 

Related posts

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට සෞදියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100 ගැන පරීක්ෂණ

colombotoday

මැතිවරණයට කලින් ගෝඨාට මොනව වෙයිද දන්නෙ නෑ, තවත් නඩුවක් දානවා – ජෝන්

colombotoday

කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියත් බිඳවැටෙයි

Admin

රනිල්ට සිතාසි

colombotoday

පන්දාහේ හොර නෝට්ටු 5ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Admin

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday