Covid 19World

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (31)දින හඳුනාගෙන තිබේ.

ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව, එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,697,054 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදනයවීමෙන් ඉන්දියාවේ රෝගීන් 36,551 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් සමස්ත ආසාදිතයින්ගෙන් 1,095,647දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

colombotoday

බංගලාදේශයේ බෞද්ධයන්ගේ තත්වය දරුණු අතට. ඉස්ලාම් දැඩි මතදාරින්ගෙන් භික්ෂුන්ට සැහැසිකම්. විහාරස්තානවල ඉඩම් ද කොල්ල කති

colombotoday

ගාසාහි රෝහල්වල ඉන්ධන සංචිත ඇත්තේ තවත් පැය 24කට පමණයි – දහස් ගණනක් රෝගී ජීවිත අවදානමේ

Admin

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday

අවුන්සාන් සුකී සිරකළ වීරතු හිමියන්ට හමුදා පාලනයෙන් නිදහස? | පරගැති සුකීට එරෙහිව මියන්මාරයේ භික්ෂු සහය හමුදා පාලනයට.

colombotoday