Colombo Today Local News

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

නව රජයේ 2016 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 107 කින් සම්මත විය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසන ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද විපක්ෂව ඡන්ද 52ක්ද ලැබිණි.

මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.

ආරුමුගම් තොණ්ඩමන් හා ඩග්ලස් දේවානන්ද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.

ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡන්දය දුන් අතර පක්ෂයේ තීරණයට පටහැනිව සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.

දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

Related posts

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

colombotoday

පුරාවිද්‍යා භූමියක් වනසා අන්තවාදී අරාබි පාසලක් හදලා… පාසල් බිමෙන් චෛත්‍යක කොටස් හමුවෙයි…

colombotoday

ගිංතොට ගිනි ඇවිළුවේ තව්හීද් ජමාත්.. හාජ්ජියාර්ලත් සම්බන්ධයි.. අසාත් සාලි හෙළිකරයි (Video)

colombotoday