Colombo Today Local News

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්… ඊළගට කරන ඕන දේ කියයි

අභියාචනාධිකරණය විසින් කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක වීම අත්හිටුවීමෙන් පසු රටේ පාලන තත්වය සම්බන්දයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2018.12.04 දින පෙරවරුවේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී. එහිදී ;

“අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.

තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියලුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.”

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

රවී දැඩි කළකිරීමෙන්… බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් !

colombotoday

හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර ඉවත්වෙයි

colombotoday

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

Admin

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි

Admin

බිත්තර වී වගාවට රසායනික පොහොර නිකුත් කරයි

colombotoday