World

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

ඉන්දියාව, චීනය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගම් 18ක් කොවිඩ් -19 සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට එක්වී තිබේ.

ඔවුන්ගේ අරමුණ වන්නේ එම එන්නත අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ජනතාව වෙත ලබාදීමය.

එම සමාගම් “Medicines Patent Pool” ලෙස හැඳින්වෙන ලාභ නොලබන සංවිධානය යටතේ එක්වී තිබේ.

මේ වනවිට ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම සහ අමෙරිකාවේ ෆයිසර් සමාගම් එක්ව කොවිඩ් එන්නතක් නිපදවා ඇති අතර එය රටවල් කිහිපයක 43,500ක් පමණ ජනතාවක් යොදාගෙන අත්හදාබලා තිබේ.

එහි මුලික ප්‍රතිඵල අනුව එම එන්නත 90%ක් පමණ සාර්ථක බව වාර්තා වේ.

Related posts

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්

colombotoday

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

මියන්මාර හමුදා පාලනයට FaceBook හරස් වෙයි

colombotoday

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin