Colombo Today Local News

පුරාවිද්‍ය උපදේශන සභාවේ 40වසරක් දැරූ තනතුරෙන් එල්ලාවල මේධානන්ද හිමියන් ඉවත් කරයි !

හතළිස් වසරක් පුරාවිද්‍යා උපදේශන සභාවේ සාමාජිකත්වය දැරූ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු එම තනතුරෙන් ඉවත් කර ඇත.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමයේ සිටම පත්වු සෑම රජයක්ම තමන් වහන්සේ පුරාවිද්‍යා උපදේශන සභාවට පත් කිරීමට කටයුතු කළ නමුත් වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු තමන්ගේ නම උපදේශන සභාවෙන් කපාහැර ඇතැයි මේධානන්ද හිමියෝ පවසති.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පුරාවිද්‍ය උපදේශන සභාව සංරක්ෂණ කටයුතු සදහායැයි පවසමින් දඹුළු ලෙන් විහාරය තාවකාලිකව වසා දැමීමට ගත් තීරණය මේ වන විට මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින ඉදිරිපෙළ ක්‍රියාධරයෙක් වන දඹර අමිල හිමියන් ද පුරාවිද්‍යා උපදේශන සභාව නියෝජනය කරති. පසුගියදා අස්ගිරි මහා නාහිමියන් විසින් ආණ්ඩුවට අවවාද කරමින් නිකුත් කළ අති විශේෂ ප්‍රකාශයෙන් පසු, එම ප්‍රකාශය විවේචනය කරමින් අදහස් පලකළ දඹර අමිල හිමියෝ අස්ගිරිය යටතේ පවතින දඹුලු විහාරයේ ආදායම රජය භාරයට ගත යුතු බවද සදහන් කර තිබිණි.

Related posts

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday

ඒ කාලේ සෙල්ලං ගෝඨා සමග සල්ලං ! ආරක්ෂකයන්ගේ සිද්ධියට SB සමාව ගනී !

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන තැන්

colombotoday

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday