Colombo Today Local News

ජාතිවාදය එජාප මුල් පුටුවලම ළියලයි.. රජයේ කොන්ත්‍රාත් කබීර් හෂීම් හරහා මුස්ලිම් ජාතිකයන්ට පමණයි !

kabheer hasim3

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් හරහා රජයේ කොන්ත්‍රාත් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ට පමණක් ලබා දෙන බවට චෝදනා එල්ල වනවා.

රාජ්‍ය බලය භාවිතා කරමින් ජාතිවාදී වර්ගවාදී පදනමින් මුස්ලිම් ජාතිකයන්ට පමණක් ප්‍රමුඛත්වය දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ රවූෆ් හකීම්, රිෂාද් බදියුදීන් ඇතුළු එළිපිට ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කරන මුස්ලිම් ඇමතිවරුන් කිහිප දෙනෙකුට පමණයි.

නමුත් ජාතිවාදය, වර්ගවාදය ප්‍රතික්ෂේප කරමින් සමානාත්මතාවය පක්ෂයේ ප්‍රතිපත්තිය කරගත් එජාපයේ මුල් පුටුද මේ වන විට ජාතිවාදීන් හා ආගමික මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට නතුවී ඇති අතර එහි මහලේකම් ධුරය දරන අමාත්‍ය කබීර් හෂීම්ද සිය ආවේනික ජාතිවාදී ස්වභාවය අනුගමනය කිරීමට පටන්ගෙන ඇත.

එලෙස කබීර් හෂීම් ඇමතිවරයාගේ බලපෑම මත රජයේ කොන්ත්‍රාත් සදහා ටෙන්ඩර් කැදවීමේදී හා කොන්ත්‍රාත් සදහා මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් පමණක් තෝරාගන්නා බව වසර ගණනාවක් මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපාර සිදුකළ ව්‍යාපාරිකයන් චෝදනා කර සිටින අතර එම හේතුවෙන් මධ්‍යම හා කුඩා පරිමාණ කොන්ත්‍රාත් ව්‍යාපාරිකයන් රැසක් සිය ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යෑමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

මේ අතර එජාප හිතවාදීන් කිහිප දෙනෙකු පැවසුවේ මෙතෙක් කලක් පක්ෂය අනුගමනය කළ ප්‍රතිපත්ති පවා පාවාදෙමින් ජාතිවාදී ආගමික මූලධර්මවාදීන්ගේ තිත්පොලක් බවට එජාප පත්වී ඇති පසුබිමක අගමැතිවරයා නිතර දෙවෙලේ “ජාතිවාදයක්” ගැන කියමින් රට වටේ යෑම විහිළුවක් බවයි.

 

Related posts

මැනිං වෙළෙඳුන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Admin

කදුකරයේ කළු කොටියා මද්දකට හසුවෙයි

colombotoday

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

“විල්පත්තු සංහාරයට මාත් විරුද්ධයි” රිෂාඩ් බදුර්දීන් පරිසර හිතකාමීන්ව ඔලුවෙන් හිටගස්සවයි

colombotoday