Colombo Today Local News

කොරෝනා බවට තහවුරු වූ මිය ගිය පුතුගේ මෘත ශරීරයේ යළි PCR පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පියා අධිකරණයට යයි

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන් මේ මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට හා එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසි නිකුත්කර තිබේ.

එදින තෙක් අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස ද අභියාචනාධිකරණය විසින් එම වගඋත්තරකරුවන් දෙදෙනාට තවත් නියෝගයක් නිකුත්කර ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් නැමැත්තෙකු විසින් ගොනු කළ පෙත්සමක් අද මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

පෙත්සම්කරු සඳහන් කරන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා වන මොහොමඩ් හකීම් මොහොමඩ් තිල්ශාඩ් නැමැත්තා ඉකුත් ජනවාරි මස 31 වනදා දකුණු කොළඹ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවය.

ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති බව රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කළේ යැයි පෙත්සම්කරු පවසයි.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද පෙත්සම්කරු සඳහන් කළේය.

මරණකරු මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ද? යන්න පිළිබඳව නිශ්චිතව තහවුරුකර ගැනීමට තමන්ට අවශ්‍යව ඇතැයි පෙත්සම්කරු පවසයි.

Related posts

නව මුස්ලිම් අන්තවාදයේ සොඳුරු සලකුණ අලි ෂබ්රි

colombotoday

පැලැස්තර විසඳුම් නැතුව ආණ්ඩුවම ඉල්ලා අස් වෙන්න – විමල්

colombotoday

ගම්පහ වැවක් හදන්න රු.කෝටි 3300 ක්. | චීනෙන් ණයක් දීලා කොන්ත්‍රාත්තුවත් චීනෙම ගනියි.

colombotoday

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday

උතුරේ සිට දකුණටත්, බස්නාහිර සිට නැගෙනහිරයටත් ඉතිහාසයේ නොවූවිරූ සංවර්ධනයක් උදාකරනවා

colombotoday

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ

colombotoday