Colombo Today Local News

වෙලේ සුදාට අද ලැබුණු නියෝගය

මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අටක සිර දඬුවම් නියමකොට තිබේ.

එසේම වෙලේ සුදාගේ බිරිඳ සහ තවත් කාන්තාවකට ද වසර 8 බැගින් සිරදඬුවම් නියම වී ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

මෙහිදී විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීති විරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියමකොට තිබේ.

Related posts

කොළඹ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මාතලේ, කලුතර රාජ්‍ය සේවකයෝ ගෝඨාභය උඩින් දිනවති !

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්තගෙන් පෙත්සමක්

Admin

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට පියඹා ආ තහනම් ද්‍රව්‍ය පාර්සල්

colombotoday

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමක්.. එස්.ටී.එෆ්. සෙබළෙක් මරුට

colombotoday

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday