Colombo Today Local News

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

කොවිඩ් අරමුදල පිළිබද කිසිදු විනිවිද භාවයක් නොමැතිවීම හේතුවෙන් එයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් හිතන්නට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (23)දින පැවසීය.

එහි කොපමණ මුදලක් තිබේද, වියදම් කළේ කුමකටද යන්න සම්බන්ධයෙන් අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි අත්තනායක මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

කෝවිඩ් අරමුදල යොදාගනිමින් සෞඛ්‍ය පහසුකම් නොමැති ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ජාතික ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදී දේශනා ප්‍රචාරය කරයි – හිටපු මුස්ලිම් වරුන්ගෙන් චෝදනා

colombotoday

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin

බිලියන 11.4ක් රජයට පාඩු කලැයි ගෝඨා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට නඩු

colombotoday

එජාප ඇමතිවරු දෙන්නෙක් පුද්ගලික ව්‍යාපාර ගොඩදාගන්න රේගුවේ නීති වෙනස් කරලා !

colombotoday

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

colombotoday

බදුර්දීන් හරහා අන්තවාදී හා වහබ්වාදී මුස්ලිම් රටවල් ලංකාවට අතපෙවීම් කරනවා – නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු

colombotoday