Colombo Today Local News

ස්විස් තානාපති නිලධාරිණිය පැහැර ගැනීම අතේ රෝලක් ! CCTV දර්ශන නෑ… කිසිම පොලිසියක පැමිණිල්ලකුත් නැ…

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක පැහැරගෙන ගොස් ප්‍රශ්න කළේයැයි පැවසෙන ආන්දෝලනාත්මක සිදුවීම පිළිබද අපරාද පරීක්ෂ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිදුවීම සිදුවූයේ වූ බව ස්ථානයන්හි මාර්ගයන්හි ඇති සීසීටීවී කැමරා පද්ධති පරීක්ෂාවට ලක් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඒවායේ සටහන් වී නැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පරීක්ෂණ සිදුකරමින් ඇත්තේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් අගමැතිවරයාට හා විදේශ කටයුතු ඇමතිවරයාට කර තිබූ දැනුම්දීමක් අනුවයි.

එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අදාල සිදුවීම පිළිබදව කිසිදු පොලිසියක පැමිණිල්ලක් සදහන්ව නොමැති බවයි.

එසේ නමුත් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන්නැයි තමන් අදාළ අංශයන්ට උපදෙස් දුන් බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

colombotoday

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

වේගෙන් යන්න එපා කියූ අයෙක් අවසන් ගමන් යවයි

colombotoday

කාටවත් ජනපතිවරණය දිනන්න ඉඩ තියන්නෑ – 2020ට ජවිපෙනුත් අපේක්ෂකයෙක් !

colombotoday