Colombo Today Local News

ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීමට CIDය සම්බන්ධ බවට සාවද්‍ය වාර්තා !

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක් පැහැරගත් බව කියන සිද්ධියට අදාලව එම තානාපතිකාර්යාලය සතු තොරතුරු කිහිපය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබේ. 

අදාල සිද්ධිය සබන්ධයෙන් ලද තොරතුරක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 27 වනදා ඊට අදාල විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 

සිද්ධියට අදාල තොරතුරු ලබා දෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ස්විට්සර්ලන්ත තානාපතිවරයා දැනුවත් කර ඇති බව සදහන්. 

ඒ අනුව නිළධාරිනියක් පැහැරගත් බව කියන සිද්ධියට අදාලව ස්විට්සර්ලන්ත තානාපත කාර්යාලය සතු තොරතුරු කිහිපයක් ඊයේ (29) දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.

සිද්ධියට අදාල විමර්ශන කටයුතු වලට සහය ලබාදීම සදහා කොලඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරින් කණ්ඩායමක් සහ පොලිස් සමීප රූප ආවේෂණ කැමරා කොට්ඨාසයේ නිළදාරින් කණ්ඩායමක් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල සහය සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය. 

පැහැර ගැනිම සිදු කළ පුද්ගලයින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් බවට පැවසීම සාවද්‍යවන අතර එය පරික්ෂණ නොමඟ යැවිම සඳහා සැකකරුවන් ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. 

සිද්ධියට අදාල සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

adaderana

Related posts

කිව්.ආර් කේතය නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

colombotoday

උඩවලවට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුව ගැන කමිටු වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට

Admin

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් CIDයට

colombotoday

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ අවුරුදු 15 සහ 16ක ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මාරපන කෙලින් වැඩකරන අවංක මහත්මයෙක්, ඔහු හරියටම හරි – මංගල

colombotoday