රටේ මහජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම උදෙසා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2020 අප්‍රේල් මස 22 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මහජන ආරක්ෂණ ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.