Colombo Today Local NewsTop Stories

සජිත් ප්‍රේමදාස දේවදත්තයන්ගේ පුනුරුත්පත්තියයි

“ඔක්තෝම්බර් 4 දා තමන් කතා කරන්නේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රි මුඛයෙන් කියා එතුමාම පැවසුවා. බුදු රජාණන් වහන්සේවත් සිය මුවට ශ්‍රී මුඛය කියා කියලා නෑ. උන් වහන්සේ ‍අසූ හාර දහසක් වූ ධර්මස්කන්ධය දේශනා කළ නිසා බුදුන් වහන්සේගේ මුවට ශ්‍රී මුඛය කියා ගෞරව කරන්න බෞද්ධයින් පුරුදුව සිටිනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ව බුදුරජාණන් වහන්සේට සමාන කරගැනීමෙන් බුදුරජාණන් වහන්සේට බලවත් අපහාසයක් සිදු වී තිබෙනවා. අද භික්ෂූන් වහන්සේලා මහත් සංවේගයට පත් වෙලා කැළඹී තිබෙනවා. බෞද්ධයන් කෝප වී සිටිනවා සජිත් ප්‍රේමදාස වැනි චරිතයක් තමන්ම බුදුරජාණන් වහන්සේට සමාන කරගන්නට යෑමෙන්. අසූහාරදහසක් ධර්මස්කන්ධය දේශනා නොකළාට අසූහාරදහසක් බොරු පොරොන්දු හා ගොන් කතා කීම නිසා තමනුත් බුදුරජාණන් වහන්සේට සමාන යයි එතුමාට හිතුනා ද කියලා දන්නේ එතුමා විතරමයි.” යැයි ඊයේ (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මංත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංත්‍රීවරයා…

බුද්ධ චරිතයෙහි සඳහන් වන ආකාරයට නම් තමනුත් බුදුරජාණන් වහන්සේට සමානයි කියලා ප්‍රකාශ කළ අයෙකුට සිටියේ දේවදත්තයන් විතරයි. දේවදත්තයන්ට ඒ නිසාම නිවන් දකින්නට බැරි වෙලා අවීචි මහා නරකාදියේ උපන්නාය කියලා තමයි අප නම් අහලා තියෙන්නේ. මේ සජිත් ප්‍රේමදාස කියන්නේ අවීචි මහා නරකාදියෙන් චුතවෙලා ආ දේවදත්තයන්ගේ පුනරුත්පත්තිය ද කියා සාධාරණ සැකයක් අපට ඇති වෙනවා.

“එම නිසා මේ රටේ සියයට හැත්තෑවක් වූ බෞද්ධයන්ව කුපිත කරවා මේ රටේ තියෙන ප්‍රශ්න මදිවට නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් වහාම තමන්ව බුදුරජාණන් වහන්සේට සමාන කරගනිමින් කළ ඒ ගොන් කතාව ඉල්ලා අස්කර ගන්න කියා අප ඉල්ලා සිටිනවා. මොකද අනික් ගොන් කතා වලට නම් අප හිනා වෙලා නිකම් සිටිනවා. ඒවා රස කතා. මේ ගොන් කතාව රස කතාවක් නොවෙයි. මේ රට කළඹවන කතාවක්. වසර 2300 ක් අඛණ්ඩව බුදු දහම ඇදහූ එකම රට තුළ රටේ නායකත්වය ඉල්ලන බුදු දහමට ප්‍රමුඛත්වය දී සුරක්ෂිත කිරීමේ වගකීම භාර ගන්නා භාරකරුවන් වන්නට ඉන්න අය බුදුරජාණන් වහන්සේට මෙලෙස අපහාස කරනවා නම් මේ රටේ කිසිම බෞද්ධයෙකුට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය දෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නය අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අහනවා.”

Related posts

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

පක්ෂ නායකයා රනිල්, ජනපති අපේක්ෂකයා සජිත් – එජාප සම්මේලනයේදී සම්මත වෙයි

colombotoday

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

colombotoday

හරීන්ගේ කාර්යාලයට බලෙන් පැන්න ඇමති පුතා මෙන්න ! -Video

colombotoday