Colombo Today Local News

සංහිඳියාව බින්දා කියා පාසල් සිසුන් 03ක් රිමාන්ඩ්

වට්ස් අප් තාක්ෂණය භාවිත කරමින් ජාතීන් හා ආගම් අතර අසමගියක් ඇතිවන ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කළ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් තිදෙනකු ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (22) නියෝග කළේය.

සැකකාර සිසුන් තිදෙනා එදින දක්වා මාකොළ ළමා අපරාධකරුවන් රඳවා තබන නිවාසය භාරයේ රඳවා තබන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

සැකකාර සිසුන් ‘සිංහ‍ලේ අපි’ නමින් වට්ස් අප් සමාජයක් සකස් කොට ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිකරවන ආකාරයේ ප්‍රචාර පතුරුවා ඇති බවත්, එම කණ්ඩායමට අයත් සෙසු සාමාජිකයන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

බාල වයස්කාර පාසල් සිසුන් වන සැකකරුවන්ව ඇප මත මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරුන් එහිදී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday

උතුම් බක් පුර පොහොය අදයි…

colombotoday

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

colombotoday

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

colombotoday