Colombo Today Local News

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

කොවිඩ් – 19 වයිරසය ආසාදනය වූවන් කඩිනමින් සොයා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන්) මෙරටදී සිදුකිරීම සදහා අවසර ලබාදී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අනුමැති ලබාදුන් බවයි.

ඒ අනුව අද සිට හදුනාගත් කණ්ඩායම් සදහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට කටයුතු කරන බව වෛද්‍යවරයා පැවසීය.

එම පරීක්ෂණය මගින් හදුනාගන්නා රෝගීන්ගේ කොවිඩ් ආශ්‍රිතයින්ට කොවිඩ් රෝගය ආසාදනය වී ඇතිදැයි සොයා බැලීම සදහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එමෙන්ම රෝහල් වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයින්ගේ ද මෙම පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව වෛද්‍යවරයා සදහන් කරයි.

මේ අතර යම් සැකසහිත මෘත දේහයක පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පෙර ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, එමගින් නෙගටිව් වුවහොත් නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

Related posts

පොල් ගෙඩිය මැනීමේ නවතම මිනුම ගල් යුගයේ වැඩක්. නීති අධ්‍යක්ෂකවරියට චෝදනා

colombotoday

සංවර්ධන නිලධාරිනියක් ගෙල කපා පිහියකින් පපුවට ඇන මරා දාලා

Admin

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday

රුපියල තවත් ශක්තිමත් වෙයි

Admin