Colombo Today Local News

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් කරයි..

ශ්‍රී ලංකාව පොකුරු බෝම්බ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ඔස්ලෝ සම්මුතියට අත්සන් තබා තිබේ.

මෙම වසරේ මාර්තු මස 01 වනදා සිට පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස්කිරිම තහනම් කෙරෙන එක්සත් ජාතීන්ගේ නෛතික ලියවිල්ලට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය. ඒ අනුව පොකුරු බෝම්බ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබූ 103 වන රට වන්නේ ශ්‍රී ලංකාවයි.

යුධ ගැටුම් පැවැති සමයේදී ශ්‍රී ලංකාව විසින් පොකුරු බෝම්බ භාවිත කළ බවට ඇතුම් පාර්ශව චෝදනා කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පොකුරු බෝම්බ භාවිත කළ බවට මේ වන තෙක් කිසිදු සාක්ෂියක් හමුවී නොමැති අතර ඉදිරියේදීත් භාවිත නොකරන බව මෙරට ප්‍රතිපත්තිය බව රජය පවසයි.

මේ අතර පසුගිය වසරේදී පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරිමේ සම්මුතියට ද ශ්‍රී ලංකාව අත්සන් තබනු ලැබීය.

පසුගිය වසරේ දෙසැම්බර් 13 වන දින අදාළ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තැබූ අතර මෙම සම්මුතියට අත්සන් තැබූ 163 වැනි රට ශ්‍රී ලංකාවයි.

මේ අතර පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරිම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු ලබන සදුදා දිවයිනට පැමිණිමට නියමිතය.

Related posts

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

මිල්කෝ සභාපති ධුරය රේණුක පෙරේරාට

colombotoday

හරීන් ප්‍රනාන්දු සහ ජනපති සොයුරු ත්‍රස්තප්‍රහාරයේ සැකකරුට ටෙලිකොම් තඔ ටෙන්ඩරයක් දීලා.

colombotoday

‘රවීට එරෙහිව විශ්වාස භංග ගේන්න සාදාචාරාත්මක අයිතියක් නැහැ’ – JHU

colombotoday