Colombo Today Local News

විදුලි මාෆියාව ක්‍රියාත්මක කරන්නේ දියවන්නාවෙන්. වගකීමෙන් කියනවා – ඩලස්

ජාතික විදුලිබල පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කර විදුලි මාෆියාව දුරු කිරීමට ඉන්ජිනේරු සහ ඩීසල් මාෆියාව වගකිවයුතු යැයි පාර්ශ්ව ගණනාවක් චෝදනා කළද සැබෑ විදුලි මාෆියාව ක්‍රියාත්මක කරනුයේ දියවන්නාවේ සිට බව වගකීමෙන් යුතුව පවසනවා යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මන ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

දියවන්නාවේ පිරිසක් දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරන විදුලි මාෆියාව හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ජාතික විදුලි ජනන සැලැස්මක් සැකසීමට නොහැකි වී ඇති බවත් ඒ නිසාම කල් පවතින ස්ථිරසාර විසඳුමක් විදුලිබල ක්ෂේත්‍රය තුළ ගොඩනැඟීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ඥානසාර හිමි සිරගත කොට හෝ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්

colombotoday

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ප්‍රාණ ඇපයට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගැනේ

colombotoday

ඥානසාර හිමි ධර්ම චාරිකාවේ යෙදෙති – මේ වසරේ 270 වන ධර්ම දේශනය අද හොදැල්ලදී

colombotoday

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday