Colombo Today Local News

විග්නේශ්වරන් උතුරට, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් ඉල්ලයි.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට යොමු කිරීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව පෙත්සමක් සකස් කර තිබෙනවා.

දෙමළ ජනතාව වෙනුවෙන් සහන සලසන්නැයි ඉල්ලා දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති බවයි දේශපාලන ආරංචි සදහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මීට පෙර යෝජනා කළ කිසිඳු නිර්දේශයක් මෙතෙක් කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් උතුරේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇතැයි මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. 

මේ අතර උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් ද ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය වෙත ලිපියක් යොමු කර ඇති බව සදහන්.

ඒ, ඉකුත් යුද වාතාවරණයත් සමග සිය පළාතේ ගැටලූ රැසක් පවතින බවත්, ඒවා විසඳා ගැනීමට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් උතුරු පළාතේ ස්ථාපිත කරන ලෙස ඉල්ලමින්.

පූර්ණ බලතලවලින් සමන්විත හා ශ‍්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කල හැකි කාර්යාලයක් මෙරට පිහිටුවීම වැදගත් බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා රජය වෙත ලබා දුන් යෝජනා මේ දක්වා ඉටු කර නොමැති බව ද උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Related posts

මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවයි..

colombotoday

සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගයේ වැඩ ඇරඹේ

colombotoday

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

මහ බැංකු නිවේදනයක්

Admin

පී සී ආර් මගහරින / ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කරනවා.

colombotoday