Colombo Today Local News

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

බස්නාහිර හා සබරගමුව පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ඇත.

ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් අද දින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සමග ද සාකච්ඡා පවත්වන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේය.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණු ආරච්චී මහතා පැවසුවේ සබරගමුව පළාතේ ද 10 ශ්‍රේණිය ඉංග්‍රිසි දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කෙරෙන බවය.

එමෙන්ම ඔහු සඳහන් කළේ මේ වනවිට 10 ශ්‍රේණිය ඉංග්‍රිසි දෙවන ප්‍රශ්න පත්‍රය නැවත සකස් කර ඇති බවයි.

එය එළඹෙන බදාදා දින සිසුන්ට පෙර පරිදි විභාහගයක් පවත්වා ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර මධ්‍යම පළාතේ අවසාන වාර විභාග පරීක්ෂණ සඳහා ලබා දෙන ප්‍රශ්න පත්‍ර ද විභාගයට පෙර පිටවී ඇත්දැයි සෙවීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන් බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, මෙතෙක් එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

එබැවින් සුපුරුදු පරිදි හෙට දින විභාග පැවැත්වෙන බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

colombotoday

මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අකිල සාලියගේ බලන්ගොඩ නිවසේදී අතුරුදන්

Admin

සැකකටයුතු බෝට්ටුවක් සමග හදුනා නොගත් 14ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට…

colombotoday

මහල් ගොඩනැගිල්ලක නරක් වූ මළ සිරුරක්

Admin

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday