Covid 19World

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.

එම සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ විශේෂඥ මයික් රයන් මේ බව ප‍්‍රකාශ කළේ ඔන්ලයින් ක‍්‍රමයට පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඒ හේතුවෙන්, නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ද මයික් රයන් එහිදී පවසා සිටි අතර රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් 100 ක් පමණ අත්හදා බලමින් පවතින නමුත්, ඒවා අතරින් වඩාත් ඵලදායී එන්නතක් සොයා ගැනීම දුෂ්කර බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ.

Related posts

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

colombotoday

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

Admin

චීන කඳවුරුවල උයිගර් කාන්තාවන් දූෂණ කල බවට චෝදනා

colombotoday