Colombo Today Local News

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

මව් සෙනෙහස අහිමි සනුජ සත් හැවිරිදි වියේ පසුවූ සෙල්ලක්කාර දරුවෙක් විය. ඔහු ජීවත්වුයේ ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඥාති නිවසකය.

ඔහු එම නිවස ආසන්නයේ පිහිටි ඇළක් අසළ සිටිනු නිවැසියන් ඊයේ (31)දින දැක තිබේ. නමුත් ඉන්පසු ඔහු එහි දක්නට නොමැති බැවින් ඔවුන් ඒ බව පොලීසියට දැන්වා තිබේ.

පසුව ඒ අවට සොයාබලන විට දරුවාගේ සිරුර එම ඇළ අසළ තිබී හමුවී ඇති බව අප වාර්තාකරු පැවසීය. පසුව එය ගලේවෙල රෝහලට ගෙන ගොස් තිබේ.

දරුවාගේ ගෙල ප්‍රදේශය රෙදි කැබැල්ලකින් සිරකොට ඇති බවත් මුහුණේ වැලි තැවරී තිබුණු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මිය ගිය දරුවා පදිංචි නිවෙස ඉදිරිපිට ඇළ මාර්ගය, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව ද වාර්තා වේ.

දරුවා ඝාතනය වූ ස්ථානය ආසන්නයේ හෙරොයින් භාවිත කළ බවට සැක කළ හැකි සුන්බුන් ද හමුවී ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01)දින සිදුකිරීමට නියමිතය.

මිය ගිය දරුවාට ලිංගික අතවරයක් සිදුකොට ඝාතනය කරන්නට ඇතැයි යන සැකය මත පරීක්ෂණ පවත්වන බව ද ගලේවෙල පොලීසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Related posts

“අනිත් වර්ජනවලදීත් ජනතාව මේ වගේම ක්‍රියාත්මක විය යුතුයි” – මැර ප්‍රහාරය ගැන එස්.බී. කියයි

colombotoday

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

ගාලු මැයි රැළියට මහින්දට ලිඛිතවම ආරාධනා.. දෙකකට යනු බෑ කියා කිරුළපන රැළියට යන්න තීරණය කරයි

colombotoday

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

ඥානසාර හිමි අපේක්ෂක “අපේ ජන බල” පක්ෂය ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේපයි

colombotoday

වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි කර ලේකම්ගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රි අල්ලයි

colombotoday