Colombo Today Local News

රුසියා යුද්ධයට ගිය ලාංකිකයින් 5ක් යුක්‍රේන අත්අඩංගුවට

රුසියා යුද්ධයට ගිය ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 5 දෙනෙකු යුද සිරකරුවන් ලෙස යුක්‍රේන ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, තුර්කියේ, අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යුක්‍රේන රජය එය නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

තානාපති කාර්යාලයෙන් ඒ පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් ද දැනුවත් කර තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුසියානු දේශසීමාව හරහා යුක්‍රේනයට ඇතුළු වූ අවස්ථාවේදී වන අතර එම පිරිස මුදා ගැනීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ද මැදිහත්වීමෙන්, සාකච්ඡා ක්‍රියාත්මකයි.

රුසියා – යුක්‍රේන යුද්ධයට මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් පිටත් කර යැවීමේ මිනිස් ජාවාරම පිළිබඳව පසුගිය කාලයේ තොරතුරු අනාවරණය වූ අතර ඉන් යුද්ධය අතරතුර මියගොස් ඇති ලාංකිකයින් සංඛ්‍යාව 6 කි.

අදාළ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අඛණ්ඩ පරික්ෂණ ක්‍රියාත්මක කෙරේ.

Related posts

සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය !

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් කතක් අත්අඩංගුවට

colombotoday

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

colombotoday

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday

‘මට කියන ජාති මම දන්නව.. මහත්මා ගාන්ධි තරම් මම තවම බැනුම් අහල නෑ‘ – ජනපති

colombotoday

ලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

colombotoday