විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා එම සංධානයෙන් ඉවත් වන බවට දේශපාලන ක්ෂේත්රය තුළ වාර්තා පළ වෙමින් තිබෙනවා.
මෙය සැලවීමත් සමගම සමගි ජන බලවේගයේ ජේෂ්ඨයින් කලබලයට පත්ව ඇති අතර
රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේගයේ ජේෂ්ඨයින් විටින් විට උත්සහා දැරුවද ඔහු කිසිදු අයෙකුගේ දුරකථන ඇමතුමකට පිළිතුරු ලබා නොදෙන බවයි සඳහන් වන්නේ.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිසිය භාරයේ සිටි රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරු නඩු නොදමා නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ.