රජයේ ආයතනවල සභාපති අධ්යක්ෂ මණ්ඩල තනතුරු සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට සදහා සිව් පුද්ගල කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම්කර ඇත.
එම කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති සුසන්ත රත්නායක, මාස් හෝල්ඩින් සමූහයේ හිටපු සභාපති ඩයන් ගෝමස් යන මහත්වරුන් මෙසේ පත් කොට ඇත.