Colombo Today Local News

යූ.එන්.පී. පත්වීම් 5000ක්‌ ජනපති අණින් නවතී

උපාධිධාරීන් පන්දහසකට රජයේ පත්වීම් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පසුගියදා පැවැති කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවනු ලැබ ඇතැයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පත්වීම් ලබා දීම නිසි ක්‍රමවේදයකට සිදුකර නැති බවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව වඩාත් විනිවිදභාවයකින් යුතුව යළි එම ලැයිස්‌තුව සකස්‌ කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී උපදෙස්‌ දී ඇතැයි එකී ආරංචි මාර්ග සඳහන් කළේය.

උපාධිධාරීන් පන්දහසකට පමණක්‌ නොව උපාධිධාරීන් සියලු දෙනාටම රැකියා ලබාදිය යුතුයි යන මතයේ ආණ්‌ඩුව සිටින බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

එහෙත් මෙම ලැයිස්‌තුවට තමාට අනුමැතිය දිය නොහැකි බවත් ඒ නිසා නිවැරදි ආකාරයේ කිසිවකුට අසාධාරණයක්‌ නොවන ලැයිස්‌තුවක්‌ සකස්‌ කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස්‌ ලබා දී ඇති බව වාර්තා වේ.

ආණ්‌ඩුව මෙම වසරේදී උපාධිධාරීන් පහළොස්‌ දහසකට රැකියා ලබාදීමට තීරණය කර ඇති අතර එහි පළමු පියවර ලෙස මෙලෙස උපාධිධාරීන් පන්දහසකට රැකියා ලබාදීමේ කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

Related posts

වෘක්ෂලතා පනත කැඩීයැයි චෝදනා.. අලි පැටියා ළග තබාගත්තාට උඩුවේ හිමිට නීතිපති නඩු දමයි

colombotoday

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන අය ගැන තවත් හොයයි

Admin

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

“අයවැයෙන් දේශීය නැව් භාණ්ඩ කර්මාන්තය විනාශ කරලා” – මහින්ද මංගලට දෙහි කපයි (Video)

colombotoday