Colombo Today Local News

මොරටුව සිට කොළඹට මංතීරු 6ක මාර්ගයක්

වාහන තදබදය අවම කිරීම සඳහා මොරටුව සිට කොළඹ කොටුව දක්වා මංතීරු 6ක මාර්ගයක් ඉදි කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව ජැයිකා ආයතනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඊයේ (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මීට වසර 15ට පෙර ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම නිසා වාහන තදබදය වැඩි වී ඇති බවත් ඉදිරි වසර 5 තුළ හොඳ ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඒ මහතා කීය.‍

වාහන තදබදය අවම කිරීම සඳහා වාහන ගෙන්වීම අවම කිරීම වාහන මිල ඉහළ දැමීම ආදී දේ ක්‍රියාත්මක කළ ද වාහන තදබදය අවම කිරීමට එය හේතුවක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදය අවම කිරීම සඳහා ප්‍රථම පියවර ලෙස පොල්ගහවෙල සිට පොතුහැර දක්වාත් ඊට පසුව පොතුහැර සිට මහව දක්වාත් ද්විත්ව මාර්ග ඉදිකරන බවද කුරුණෑගල ‍නගරයේ අධික වාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

Related posts

මහ කන්නය විනාශයි. ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නෑ. – රෝහිණී කවිරත්න

colombotoday

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

colombotoday

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday

ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්

colombotoday

ජන අරගල ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Admin

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday