Colombo Today Local NewsCovid 19

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය අද (2)  පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිසා මෙම පියවර ගෙන තිබේ.
 
ඒ අනුව  අටළුගම නිවාස  26 ට අයත්   පුද්ගලයන්  200 දෙනකු පමණ  සම්පුර්ණයෙන්ම  ස්වයං නිරෝධායනයකට  ලක්කර සිටින අතර  කිසිවකුට  ගමෙන් පිටවීමට හෝ   ගමට ඇතුලූ වීමට හෝ  අවසර නොදෙන බව  ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදාවා ඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් පොලිසිය පැවසීය.

Related posts

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

colombotoday

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

මිල සූත්‍රය පටන් ගත් දවසේ ඉදන් තෙල් මිල යන්නේ උඩමයි.. ජනපති තීරණයක් ගන්න යයි..

colombotoday

රන්ජන් යලි අමාරුවක

Admin