Colombo Today Local News

මතුගම දී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම, යටදොලවත්ත සහ සෙන්-පීටර්ස්වත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැක කෙරෙන “දොඩංගොඩ ලියනගේ ශාන් අරෝෂ් ජයසිංහ” යන අයගේ සමීපතමයෙකු බව සඳහන් වේ.

එම සැකකරුට එරෙහිව, 2018 වර්ෂයේදී බදුරලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය සඳහන් කරයි.

මේ අතර පසුගිය දෙසතිය තුළ 1997 සහ 1917 යන විශේෂ දුරකථන අංක දෙකට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

එම දුරකථන අංක දෙක ඔස්සේ අපරාධ, මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් තොරතුරු පොලිස් විශේෂ ඒකකයට ලබාදීමට හැකිය.

ඔහු පෙන්වාදෙන්නේ එම පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මූලික කරගනිමින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ඊයේ (10)දින උදෑසන 10 සිට දහවල් 1 දක්වා කාලය තුළ කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරීන් 125 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 35ක් සමග පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා ග්‍රෑම් 235යි මිලිග්‍රෑම් 50ක් සමග පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව එම මෙහෙයුමේ දී විවිධ වැරදි සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි පුද්ගලයින් 61 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Related posts

සංශෝධන නෑ.. VAT පනත පරණ විදිහටම එයි

colombotoday

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin

හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන ඇමතිලා මෙන්න.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

colombotoday

අවසන් සටනේදී පැනගිය කොටි නායකයෝ ලංකාවට.. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අගවයි

colombotoday

නාමල් රාජපක්ෂට එරෙහි මනි ලොන්ඩරිං නඩුවක් වැඩිදුර විභාගයට දින නියම වෙයි

colombotoday

සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න බොදු බලේ 2014 දී රජයට දුන්න යෝජනා මෙන්න

colombotoday