Uncategorized

මඩාටුගම අන්තවාදී තව්හිද් පල්ලිය කඩා දැමුවාට හිස්බුල්ලා එරෙහි වෙයි…

මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයෝජනයට ගනිමින් පල්ලි කඩා බිඳ දැමීම තව්හීත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලම් යනුවෙන් අප අතර ගැටිම ඉතා භයානක  ක්‍රියාවක් බව නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ  තව්හීත් ජමාත් පල්ලිය  මුස්ලිම්වරු කඩා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරමින්  මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මුස්ලිම්වරු තමන් අතර ගැටී තමන්ම විනාශ විය යුතු බව මෙවැනි සිදුවිම් ඇතිකර ඇති ත්‍රස්තවාදීන්ගේ අරමුණ බව කියන ආණ්ඩුකාරවරයා ඒවාට ඉඩ නොතැබිය යුතු බවත් තව්හීත්, තබ්ලික්, වහාබ්සම් ජමාත් ඉස්ලාම් යනුවෙන් ගැටීමෙන් ප්‍රශ්නයට පිළිතුරු සොයාගත නොහැකි බව කියයි.

මේ ප්‍රශ්නය ගැඹුරින් විග්‍රහ කර සමස්ත ලංකා ජම් ඉතුල් උලමා සභාව මුස්ලිම් නායකයන් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීන්දු ගත යුතු බව කියන ආණ්ඩුකාරවරයා ගම්වල තමුන්ගේ පෞද්ගලික කැමැත්තට පල්ලි කඩා බිද දැමිම නොකළ යුතු බව කියයි.

විශේෂයෙන් පල්ලි කැඩිම තවත් කණ්ඩායමක් විරුද්ධව නිවේදනය නිකුත් කිරිම, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ආගමික වශයෙන් පලිගැනිමට තැත්කිරිම ,ආගමික බේදිම් ඇති කිරිම  ඉතා පහත් නින්දිත අල්ලාහ් දෙවියන්  සමාව නොදෙන වරදක් බව ආණ්ඩුකාරවරයා මක්කම සිට නිකුත් කළ නිවේදනයේ  දැක්වේ.

Related posts

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

colombotoday

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – දෙවන දිගහැරුම

Charith Sankalpana

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

Admin