Colombo Today Local News

මං තීරු නීතිය අන්තිම අසාර්ථකයි.. එමගින් පන්ති බේදය ඇති වෙනවා.. නීතිය ක්‍රියාත්මක වන්නේ මාර්ග තදබදය, පරිසර දූෂණය ගැන සිතා නොවෙයි – පෙරටුගාමීන්

මෙරට ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය ලෝකයේ කිසිම රටක නැති අන්තිම අසාර්ථක එකක් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ වෙනත් රටවල මංතීරු නීති හඳුන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවයට ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇති කිරීමට බවයි.

නමුත් ලංකාවේ සිදුකර ඇත්තේ එමගින් පොදු ප්‍රවාහනය අධෛර්යයට පත් කිරීමට බව ඔහු පෙන්වා දෙයි.

බස්රථ ත්‍රී රෝද රථ හා යතුරු පැදි මාර්ගයේ එක් මංතීරුවක ගාල්කර පන්ති භේදය ඇති කර ඇති බව ද ඔහු චෝදනා කරයි.

මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මාර්ග තදබදය ගැන පරිසර දූෂණය ගැන සිතා නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

colombotoday

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

“හොරු එලවන්න ආපු මට, දැන් හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා“ – ජනපති

colombotoday

හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් !!

colombotoday

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin