Colombo Today Local NewsTop Stories

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් අතින් අද (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

රිෂාඩ් බදුයුදීන්ට විරෝධය පල කිරිම සඳහා අද අහංගම නගරයේ වෙළදසැල් වැඩි ප්‍රමාණයක් වසා දමනු ලැබ තිබිණ. භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුලු විශාල පිරිසක් අහංගම නගරයේ සිට සටන් පාඨ කියමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගාලු මාතර මාර්ගය ඔස්සේ පාගමනින් කිලෝ මීටරයක් පමණ දුරින් තිබු හෝටල් පාසැල  විවෘත කිරිමේ උත්සව භූමිය කරා පාගමනින් පැමිණියහ.

විරෝධතාකරුවන් උත්සව භූමිය අසලට පැමිණෙන විට ඔවුන් අසලට ගිය පොලිසිය
මෙම උත්සවයට රිෂාඩ් බදුයුදීන් නොපැමිණෙන බව  විරෝධතා කරුවන්ට දන්වන ලද නමුත් ඒ ගැන නොතකා විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිටට පැමිණියහ.  පසුව විරෝධතාකරුවෝ සටන් පාඨකියමින් උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ විරෝධතාවයේ යෙදි සිටියහ.

මෙම අවස්ථාවේ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන‍, හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත යන මහත්වරුන් උත්සව භූමියට ඇතුලුවන විට විරෝධතාකරුවෝ‍  නොකඩා හූ හඩ නැගූහ. පසුව විරෝධතාවය මැද උත්සවය ආරම්භකරන ලදී.

ඒවන විට මහා සංඝරත්නය ඇතුලු විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ සිට උත්සවයේ කථිකයින් විසින් රිෂාඩ් බදුයුදීන්ගේ නම සදහන් කරන විට නොකඩා හූ හඬ නැගූහ. කෙසේවෙතත් ඇමති රිෂාඩ් බදුයුදීන් මෙම උත්සවයට පැමිණියේ නැත. එහෙත් ඇමතිවරයා පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් විරෝධතාකරුවෝ උත්සවය අවසන්වන තෙක් උත්සව භූමිය අසල රැඳී සිටියහ.

විරෝධතාකරුවන්ට උත්සව භූමියට ඇතුලුවීමට නොහැකිවන පරිදි පැය 2ක පමණ වේලාවක් උත්සව භූමියට ඇතුලුවන දොරටුව  ඉදිරිපිට පොලිස් නිලධාරීහු රැඳී සිටියහ.

හබරාදුව කොක්වත්ත නිග්‍රෝධාරාමාධිපති අත්තරගොඩ පියනන්ද හිමියන් ප්‍රධාන භික්ෂූන්වහන්සේලා ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. උත්සවය අවසන්වූ පසු විරෝධතාකරුවෝද සාමකාමිව විසිර ගියහ.

රටට ආදරය කරන ජනතාව නැමැති සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

Related posts

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

නාම යෝජනා සඳහා ගෝඨා අත්සන් තබයි

colombotoday

“මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක්” මුහුණු පොතේ පළ කල එක් දරු පියා කපා කොටා ඝාතනය කෙරේ…

Admin

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday

අධිකරණ නියෝගය ලබාදී දින 2යි. ඇඹිලිපිටියේ පොලිස් සැකකරුවෝ තවමත් අත්අඩංගුවට අරන් නෑ

colombotoday

විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන්න – විපක්ෂ නායකයා ඉල්ලයි

colombotoday