Colombo Today Local News

පල්ලේකැලේ භූ චලනයන්ට හේතුවන කරුණු දෙකක් ගැන අවධානය

පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවු භූ කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති වු ඒවා නොවන බව භූ කම්පනමාන දත්තවලින් තහවුරු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

අදාළ කම්පන ඇති වීමට හේතු වශයෙන් වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ කඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිඳ වැටීමක් යන අංශ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඉකුත් අගෝස්තු මස 29 වෙනිදා සහ අද දිනයේ පෙරවරු 7.06 ට භූ චලන තත්ත්වයක් වාර්තා වුණා. එම භූ චලන තත්ත්වයන් පල්ලේකැලේ පිහිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. ඊට අමතරව එම කම්පන මහකනදරාව භූ කම්පන මධ්‍යස්ථානයේ ද ඉතා සියුම් ලෙස සටහන් වී ඇතැයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පසුගිය අගෝස්තු 29 වන දින ඇති වු කම්පනය ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී ඇති අතර අද ඇති වු සුළු කම්පන තත්ත්වය අඹකොටේ සහ අළුත්වත්ත යන ප්‍රදේශවලට තරමක් දුරට දැනී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥයින් හා භූ කම්පන විද්‍යාඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 2ක් ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Related posts

රන්දිය උයන නිවාස සංකීර්ණය අසල වෙඩිතැබීමෙන් බඩා රංජි මරුට

Admin

Video : මහින්දගේ කුමන්ත්‍රණ චෝදනාවලට බොදු බල සේනාවෙන් පිළිතුරු !

colombotoday

“මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඥාණසාර හිමි තමයි“ – රාජිතත් පුතු චතුරට දෙවෙනි නොවෙයි.. ඇසින් දුටු සාක්කි මෙන්න

colombotoday

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday

බිත්තරයක් 55ට දෙන්න ජංගම සේවයක් අරඹන්න කර්මාන්තකරුවන් එකඟ වෙයි

Admin