Colombo Today Local News

නීතිවිරෝධි කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ සහ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් අදාළ කහ සහ ගංජා තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී සායිඩ්සිටි ගම්මානය පිටුපස කලපුවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී කහ කිලෝග්‍රෑම් 721යි ග්‍රෑම් 500ක් සහ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 730ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මන්නාරම, එරුක්කුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (21)දින මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පුංචි ඡන්දය මිශ්‍ර ක්‍රමයට ලබන ජූනියේ

colombotoday

කෝටියකට ගජමුතු අලෙවි කරන්න ගිය තිදෙනෙක් STF දැලේ

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

(Video) මේක විරුවන් මරුවන් කරන, මරුවන් විරුවන් කරන තුප්පහි ආණ්ඩුවක් – ජයන්ත සමරවීර

colombotoday

විශ්වවිද්‍යාල වෙත සිසුන් කැඳවීමට අවසර

colombotoday

පොහොට්ටුවේ බදුලු රැලියට දිනේෂ්, විමල්, ගම්මන්පිල නෑ !

colombotoday