Uncategorized

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට…

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද(17) අළුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

නිශ්ශංක සේනාධිපති මහතා අද අළුයම සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ ඇති අතර එහිදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඇවන්ගාඩ් සමාගමට අදාළ නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

colombotoday

පෑලියගොඩ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

Admin

මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

colombotoday

ඉරාකයේ සිවිල් නොසන්සුන්තා – එමිරේට්ස් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

වර්ජනයෙන් පාළුවුණු කොළඹ

colombotoday

කෙරවලපිටිය විදුලි බලාගාරයත් වැසෙයි

colombotoday