Colombo Today Local News

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් දහතුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවට වාර්තා කර තිබේ.

මෙම නඩුවේ දාහතර වන සැකකරු ලෙස දැනට ඩුබායි හී වාසය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වන “උදාර සම්පත්“ නැමැත්තා නම් කිරීමට අවසර දෙන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය “උදාර සම්පත්“ නැමැත්තා මෙම නඩු කටයුත්තේ දාහතර වන සැකකරු ලෙස නම් කිරීමට ද අවසර දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකරුවන් 13 දෙනා ලබන 14 ‍වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හෙයින් ඔවුන්ට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස ද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Related posts

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

HUTCH සමාගම මැදිහත්වී කලක පටන් කරගෙන ගිය තඹ හොරකමක් මාට්ටු.

colombotoday

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

Admin

සිකුරාදා තෙක් පෝලිම්වලට එන්න එපා.. ගෑස් නෑ .. – ලිට්‍රෝ

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් කටුනායකට

colombotoday

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday