Colombo Today Local News

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 67කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 305/7ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ හැකිවූයේ ලකුණු 238/10ක් පමණි.

පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 115ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළේ පිතිකරුවන් සියල්ලන්ම දැවී යද්දී ශෙහාන් ජයයූරිය ලකුණු 96ක් හා දසුන් ශානක ලකුණු 68ක් රැස්කරමින් පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

අසිත ප්‍රනාන්දු 0, සදීර සමරවික්‍රම 6, ඕෂධ ප්‍රනාන්දු 1, ළහිරු තිරිමාන්න 0, ඉසුරු උදාන 1, ළහිරු කුමාර 1, ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියහ.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ උස්මාන් ශින්වාරි කඩුලු පහක් දවා ගත්තේය.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර ඒ අනුව 1-0ක් ලෙස පාකිස්තානය මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.

Related posts

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

Admin

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

colombotoday

“තෙල් බවුසරයට ගිනි තිබ්බ නම් අද රඹුක්කනක් නෑ… පොලීසිය තමන්ට ඇති බලතල අනුව කටයුතු කළා.”

colombotoday