Colombo Today Local News

තිස්ස අත්තනායක සමාව ගන්නවානම් කූට ලේඛන නඩුව කෙටි ක්‍රමයකින් ඉවරකර ගන්නම් – ජනපති සහ අගමැති

වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරණය සමයේදී ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා නගමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර ඇති නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොන්දේසි සහිතව එකඟතාවය පළකර ඇති බව අද (04) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.

අද දින මෙම නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි ඉදිරියේ කැඳවු අවස්ථාවේදී මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට පාර්ශ්වයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම නඩුව සම්බන්ධයෙන් තිස්ස අත්තනායක සමාව අයැද සිටින්නේ නම් නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැමැත්ත පල කර ඇති බව පාර්ශ්වයන් අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව මෙම නඩුව අප්‍රේල් මස 24 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (04) දින නියම කළා.

Related posts

අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

චීන නෞකාව මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු අද සිට අරඹයි

Admin

මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන…

colombotoday

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday