Covid 19

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුටත් කොරෝනා ආසාදනය වෙයි

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු මෙලෙස ආසාදිතයකු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න අදහස් කලේ.

පසුගිය සිකුරාදා ඔහු කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් පැමිණි පසු උණ රෝගය ඇති වීමේ හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් ඔහු සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

Related posts

වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

කෑගල්ලලේ කොවිඩ් ආසාදිතයින්ට අධික උණ රෝගලක්ෂණ.. නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැකයක්

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

කොරෝනා අස්සේ දංකොටුවේ දේවස්ථානයක දේවමෙහෙයක් – පිරිස පොලිස් අත්අඩංගුවට

colombotoday

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් පිරිස ඊයේ වාර්තා වෙයි – කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 10,000 පනී

colombotoday

තවත් කොවිඩ් මරණ 4 ක් ගෙවුණු දිනයේදී වාර්තා වෙයි – සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළට

colombotoday