Colombo Today Local News

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියා පාස්කු කොමිසමට

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම කෙරෙහි බලපෑ බව වැඩතහනමකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13)දින තෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ තමන් අත්අඩංගුවට ගැනීම හරහා සහරාන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට නිසි නායකත්වයක් හා මඟපෙන්වීමක් නොමැති වූ බවය.

මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සමය තුළ සහරාන් හෂීම් සැඟව සිටින ස්ථානයක් පිළිබඳ තොරතුරු දැනසිටියේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා මහතා සඳහන් කළේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගැනිමෙන් පසු සැකකරු කැකුණුගොල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට තොරතුරක් ලද අතර ඒ සම්බන්ධයෙන් තමන් නිලධාරින් කණ්ඩායමක් යොමු කළ බවය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ, 2017 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වාම සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ මන්ද යන්නය.

තමා යටතේ සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් වරෙන්තුවට අනුව සහරාන් අත්අඩංගුවට ගැනීමට බොහෝ උත්සහ කළ ද සහරාන් රැඳී සිටින ස්ථානයක් පිළිබද නිශ්චිත බුද්ධි තොරතුරක් නොලැබුණු බැවින් ඔහු සොයා ගැනීමට නොහැකි වු බව නාලක ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නේය.

වරෙන්තු ලබාගත් අවස්ථාව වනවිට සහරාන් විදෙස් ගතවී සිටි බවට යම් තොරතුරක් ලැබී තිබුණ ද, ඔහු විදේශ ගමන් බලපත්‍රය භාවිතා කර විදෙස්ගතවීමක් සිදුවී නොතිබුණු බව ද නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ, සාක්ෂිකරු අත්අඩංගුවට පත්වීම ඒ වන විට සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගෙනගිය විමර්ශනවලට බලපෑම් එල්ල කළේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා මහතා කියා සිටියේ, තමන් සහරාන් පසුපස හඹාගියේ යම් සැලැස්මකට අනුව හෙයින් තමන් අත්අඩංගුවට ගැනීම හරහා එකි සැලසුම් අඩපණ වු බවය.

Related posts

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ චක්‍රලේකයක් ?

colombotoday

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

colombotoday

විදෙස් සංචාරකයින් ගෙන්වීමේදී සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව කටයුතු සිදුවන්නේ නම්, සංචාරකයින් ගෙන්වීම ගැන යළි සලකා බැලිය යුතුයි. – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

colombotoday

2020 විධායක අගමැති සිහිනයෙන් ජනපති ක්‍රමය අහෝසි කරන කැබිනට් පත්‍රිකාව හෙට – Colombo Today නොවැම්බර් 9 හෙළිදරවුව ඇත්තක් වෙයි

colombotoday

සාම්පූර් බෞද්ධ නටඹුන් ඩෝසර් කර ඇත්තේ රජයේ දේපළ, යන්ත්‍රඋපකරණ යොදාගෙන !

colombotoday

කැලණිය, පට්ටිය හංදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

colombotoday