Colombo Today Local News

2020 විධායක අගමැති සිහිනයෙන් ජනපති ක්‍රමය අහෝසි කරන කැබිනට් පත්‍රිකාව හෙට – Colombo Today නොවැම්බර් 9 හෙළිදරවුව ඇත්තක් වෙයි

maithripala-sirisena-620x3601

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මේ වන විට අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකදී ය.

මීට අමතරව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

නොවැම්බර් 9 ColomboToday.com හෙලිකල සත්‍ය පුවත පහතින් 

2020 දී විධායක අගමැති මෛත්‍රී?

Nov 9, 2015 @ 16:00

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කර පූර්ණ විධායක බලතල සහිත අගමැති තනතුරක් ඇතිකර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම තනතුරට පත් කිරීම සදහා රහසිත සැලසුමක් යහපාලන හවුල් ආණ්ඩුවේ මෛත්‍රී හිතවාදී පාර්ශවය විසින් දියත් කර ඇති බව ColomboToday වෙත වාර්තා වනවා.

ජනාධිපතිවරයාට අතිශය සමීප ප්‍රබලයන් පිරිසක් හමුවී මේ පිළිබදව මූලික අදියරේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර 2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණයට පෙර මෙම බල පෙරළිය සිදු කිරීමටත් ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීම පිළිබදවත් සාකච්ඡාකර ඇතැයි ද එම ආරංචි මාර්ග සදහන් කරනවා.

Related posts

මහින්ද නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවේ ශ්‍රීලනිප ය නැති කිරීමටයි.. මට එය තේරෙන්නේ දැනුයි

colombotoday

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

colombotoday

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

colombotoday

පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි. – මනෝ ගනේෂන්

colombotoday

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි

colombotoday

පාවෙන අවි ගබඩාව බාරව සිටි යුද හමුදා හිටපු කර්නල්වරයා අත්අඩංගුවට

colombotoday