Colombo Today Local NewsColombo Today Sports News

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

තහනම් උත්තේජක පරීක්ෂණයකින අසමත් වීම හේතුවේන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයේ සිට යළි දිවයිනට කැදවීමට තීරණය කර තිබේ.

නිමාවට පත්වූ පාකිස්ථාන් සංචාරයේදී ඔහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බව පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනූව එම පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනූළු අයි.සී.සීයේ රෙගුලාසි අනූව කුසල් ජනිත් යළි දිවයිනට කැඳවීමටත්, තවත් සාම්පල පරික්ෂාවකින් එය තහවුරු කර ගැනීමටත් අපේක්ෂා කරන බව ක්‍රිකට් ආයතනය කියයි.

එසේම කුසල්ගේ සේවය අහිමිවීම වෙනුවෙන් කෞෂාල් සිල්වා නවසීලන්තය බලාපිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ටෙස්ට් තරඟ 2කින්, එක්දින තරඟ 5කින් හා පන්දුවාර 20-20 තරඟ දෙකකින් සමන්විතය.

ටෙස්ට් තරඟාවලිය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Related posts

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

colombotoday

“විසිල් විතරයි.. බල්ටි නෑ“ – මේ ආණ්ඩුවේ වැඩ ගැන හිටපු ජනපති කතා කරයි

colombotoday

මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්

colombotoday

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday